2028 වසරේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා නව ක්‍රීඩා 04කට අවසර ලබාදී තිබේ. ඒ අනුව ක්‍රිකට්, බේස්බෝල්, සැහැල්ලු පන්දු ක්‍රිකට් සහ ෆ්ලැග් පාපන්දු යන ක්‍රීඩා සඳහා මෙලෙස අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලියේ ක්‍රිකට් තරග T-20 තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය.
ලොස් ඇන්ජලීස් (LA) සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අදාළ ඔලිම්පික් වැඩසටහන් කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවලින් පසුව එහි තීරණය මුම්බායිහි පැවැත්වෙන 141වැනි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සැසියේදී නිල වශයෙන් තහවුරු කිරීමට නියමිතය