“ලෝක කුසලාන තරගාවලියකදී පළපුරුද්ද අතවශ්‍ය දෙයක් බැවින් පළපුරුදු සහ තරුණ ක්‍රීඩකයන් සමබරව කණ්ඩායමට යොදාගත යුතු බව අරවින්ද සිල්වා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අරවින්ද සිල්වා,

මම නම් කියන්නේ හැමෝටම වඟකීමක් භාර දෙන්න ඕනි.ඒක හරියට ක්‍රියාත්මක නොවෙන නිසයි මේ ගැටලුව.

අනිත් කාරණය සමහරුන්ට විශ්වාසය කියන දේ මදී. ඒ වගේම තමයි පළපුරුද්ද කියන දේ මේ වගේ ලෝක කුසලාන තරඟාවලියකට අවශ්‍යයම දෙයක්. සමහරෙක් කියන්න පුලුවන් එය බලපාන්නේ නෑ කියලා. නමුත් මේ වගේ තරගාවලියක පළපුරුදු ක්‍රීඩකයෝ වගේම තරුණ ක්‍රීඩකයෝ සමබරව කණ්ඩායමට යොදාගත යුතුයි.

විශේෂයෙන් අපේ පන්දු බල ඇණිය ශක්තිමත් මදි. සෑම රටක්ම වගේ මේ වගේ තරඟාවලියකට එන්නේ එයාලගේ හොඳම තුරුම්පු ටික අරගෙන.

ඒ වගේම තරග දිනන්න නම් පෙර සූදානම කියන දේ හරියටම කරගන්න ඕන ” යනුවෙන් පැවසීය.