ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බව අද දෙරණ වාර්තා කර තිබේ.

මෙම සංචිතය සඳහා අබාධවලට ලක්ව සිටින වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ඩිල්ශාන් මධුශංක කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කර අනුමැතිය සඳහා යොමුකර ඇතැයි වාර්තාවන ශ්‍රී ලංකා සංචිතය,

දසුන් ශානක – නායක
පැතුම් නිස්සංක
දිමුත් කරුණාරත්න
කුසල් ජනිත් පෙරේරා
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සධීර සමරවික්‍රම
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
මතීෂ පතිරණ
කසුන් රාජිත
වනිඳු හසරංග
දුෂ්මන්ත චමීර
ඩිල්ශාන් මධුශංක