2023 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවූ බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

අනුමැතිය හිමිවූ ශ්‍රී ලංකා සංචිතය

දසුන් ශානක (C)
කුසල් මෙන්ඩිස්
පැතුම් නිශ්ශංක
කුසල් ජනිත් පෙරේරා
චරිත් අසලංක
දිමුත් කරුණාරත්න
සධීර සමරවික්‍රම
දුනිත් වෙල්ලල්ලගේ
ධනංජය ද සිල්වා
වනිඳු හසරංග
මහේෂ් තීක්ෂණ
ඩිල්සාන් මධුශංක
ලහිරු කුමාර
කසුන් රාජිත
මතීෂ පතිරණ.

මෙම සංචිතයේ සිටින වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ ඩිල්ෂාන් මඳුශංක අබාධයන්ට ලක්ව සිටින බැවින් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව මත තරගවලට එක්කර ගැනීමට නියමිත අතර, චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතය අද ඉන්දියාව බලා පිටත්ව යන අතර, ඔක්. 05වැනිදා ලෝක කුසලාන තරගිවලිය ආරම්භ වේ.