2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ රටවල් 04 මේ වන විට තහවුරු වී තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ මේ වනවිට පැවැත්වෙන එංගලන්ත-පාකිස්තාන තරගයෙන් ඉහළ ශුද්ධ ලකුණු වේගයක් සමග තරගය ජය ගැනීමට පාකිස්තානයට නොහැකි වීම හේතුවෙන් නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගැනීමට ඉන්දියාව සමත්ව ඇති අතර, දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවටත්, තෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමි විය. නවසීලන්තය හිමි කර ගත්තේ සිව්වැනි ස්ථානයයි.

ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය එළඹෙන බදාදා (15) සත්කාරක ඉන්දියාව හා නවසීලන්තය අතර තරගය මුම්බායිහිදී පැවැත්වීමට නියමිතය.

දෙවැනි අවසන් පූර්ව තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (16) දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර කොල්කටාහීදී පැවැත්වීමට නියමිතය.