මෙම වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ නිල තරගාවලි කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අද ප්‍රකාශයට පත් කළේය.

තරගාවලිය ආරම්භ වන්නේ පසුගිය ලෝක කුසලානයේ ශූරයන් වන එංගලන්තය සහ අනුශූරයන් වන නවසීලන්තය අතර තරගයෙනි. එම තරගය ඔක්තෝම්බර් මස 05වැනිදා අහමදාබාද්හිදී පැවැත්වේ.

තරගාවලියට කණ්ඩායම් 10ක් සහභාගි වන අතර, ඉන් පළමු කණ්ඩායම් අට ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය හරහා දැනටමත් සුදුසුකම් ලබා ඇත. ජූලි 09වැනිදා අවසන් වන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අවසානයේ අනෙක් කණ්ඩායම් දෙක තෝරා ගැනීමට නියමිතය.

මෙම තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් 09 සමග තරග කරනු ලබයි. අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් 04 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනියි.

තරගාවලි කාලසටහන පහතින් දක්වා ඇත.