එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැති තරගයෙන් ලකුණු 38ක ජයක් හිමිකර ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය.

වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වීම පමා වූ අතර, ඒ හේතුවෙන් තරගය පන්දුවාර 43කට සීමා විය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 43 තුළ කඩුලු 8ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 245කි. එහිදී නායක ස්කොට් එඩ්වර්ඩ්ස් නොදැවී ලකුණු 78ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී Lungi Ngidi, Marco Jansen සහ Kagiso Rabada කඩුලු 02ක බැගින් දවාගැනීමට සමත් වූහ.

අනතුරුව ලකුණු 246ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 42.5ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 207ක් පමණි.

එහිදී David Miller ලකුණු 43ක් රැස් කළ අතර, නෙදර්ලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී van beek කඩුලු 03ක් බිඳහෙළීය.