ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 තරගය මේ වනවිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වේ. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මදුෂංක කඩුලු 05ක් බිඳහෙළීමට සමත් විය. ඒත් සමගින් ලෝක කුසලානයේ වැඩිම කඩුලුලාභීන් අතර පෙරමුණ ලබාගැනීමට ඩිල්ෂාන් මදුෂංකට හැකි විය. ඔහු තරග 07කදී කඩුලු 18ක් බිඳ දමා තිබේ.

මෙම සටහනේ දෙවැනි තැන ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පාට හිමිව තිබේ. ඔහු තරග 06කදී කඩුලු 16ක් බිඳහෙළා ඇත. තෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ පාකිස්තානයේ ෂහීන් ෂා අෆ්රිඩීය. අෆ්රිඩීද තරග 07කදී කඩුලු 16ක් දවාගෙන තිබේ.