ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද නවසීලන්තය සමග බැංගලූරුහි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගය දෙපිළටම තීරණාත්මක වන අතර, අද නවසීලන්තය පරාජයට පත් වුවහොත් ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට තේරී පත් වීමේ අවස්ථාව අවිනිශ්චිත වේ. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය පරාජය වුවහොත් ඔවුනට 2025 වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට ඇතුළත් වීමට ඇති හැකියාව අවිනිශ්චිත වේ.