2023 එක්දින ලෝක කුසලානයේ Eden Gardens පිටියේ පැවැත්වෙන තරගවල ප්‍රවේශපත්‍ර මිල ගණන් බෙංගාල ක්‍රිකට් සංගමය මගින් ප්‍රසිද්ධ කර තිබේ. ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් -නොවැම්බර් මාසවල ඉන්දියාවේදී පැවැත්වේ.

ඒ අනුව Eden Gardens පිටියේ ප්‍රවේශපත්‍රයක අවම මිල ඉන්දියානු රු.650ක් (ශ්‍රී ලංකා රු.2458.79ක්) වන අතර උපරිම මිල ඉන්දියානු රු.3000ක් (ශ්‍රී ලංකා රු.11348.24ක්) වේ.

ඉන්දියා-දකුණු අප්‍රිකා තරගය සහ අවසන් පූර්ව තරගය සඳහා ප්‍රවේශපත්‍රයක මිල ඉන්දියානු රු.900 (upper tier) සිට ඉන්දියානු රු. 3000 (B, L Blocks) දක්වා පරාසයක පවතී.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයට upper tiersවල ප්‍රවේශපත්‍රයක මිල ඉන්දීය රු.650ක් (ශ්‍රී ලංකා
රු.2458.79ක්) වන අතර, D and H Blocksවල මිල ඉන්දීය රු.1000ක් (ශ්‍රී ලංකා රු.3782.75ක්) සහ B, C, K, L Blocksවල මිල ඉන්දීය රු.1500ක් (ශ්‍රී ලංකා රු.5674.12ක්) යනාදී වශයෙන්ව තීරණය කර ඇත.

63,500ක ප්‍රේක්ෂක ධාරිතාවකින් යුත් මෙම ක්‍රීඩාංගණය ලෝක කුසලාන තරග පහක් සඳහා සත්කාරකත්වය දරයි.