ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දියාව බලා ගමන් කිරීමට නියමිතය. කෙසේ නමුත් ලෝක කුසලානය සඳහා වන නිල සංචිතය තවමත් ප්‍රකාශ කර නොමැත.

අබාධයන්ට ලක්වූ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ අද ඉන්දියාව බලා ගමන් නොකරන බව වාර්තා වේ. කෙසේ නමුත් මහීෂ් තීක්ෂණ සතියකට ප‍මණ පසුව කණඩායම සමග එක්වන බවද වාර්තා වෙයි. ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කවුරුන්ද, ආබාධ සහිත ක්‍රීඩකයන් වෙනුවට ආදේශක ක්‍රීඩකයන් කවුද යන්න මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති බවත්, ඊට තවමත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී නොමැති බවත් වාර්තා වේ.