2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ප.ව. 02.00ට ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අවසන් මහා තරගයේදී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව තරග වැදීමට නියමිතව තිබේ.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලානයක අවසන් තරගයේදී හමුවන දෙවැනි අවස්ථාවද මෙයයි.

මීට පෙර 2003 ලෝක කුසලානයේදී මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු අතර එම තරගය ජය ගත් ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනා ගත්තේය.

ඉන්දියාව 2011 වසරෙන් පසු එක්දින ලෝක කුසලානයක් දිනා නොමැති අතර, ඔස්ට්‍රේලියාව අවසන් වරට 2015 වසරේදී එක්දින ලෝක කුසලානයක් දිනා ගත්තා.

ඔස්ට්‍රේලියාව මේවන විට එක්දින ලෝක කුසලාන 05ක් දිනා ගෙන තිබෙන අතර, ඉන්දීයාව එක්දින ලෝක කුසලානය දෙවතාවක් දිනා ගෙන තිබේ.

Australia’s captain Pat Cummins (L) and India’s captain Rohit Sharma shake hands after the toss at the start of 2023 ICC Men’s Cricket World Cup one-day international (ODI) match between India and Australia at the MA Chidambaram Stadium in Chennai on October 8, 2023. (Photo by R. Satish BABU / AFP) / — IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE — (Photo by R. SATISH BABU/AFP via Getty Images)