ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේදී ග්ලේන් මැක්ස්වෙල් පන්දු 40කින් ශතකය වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව මීට පෙර පන්දු 49කින් දකුණු අප්‍රිකානු ක්‍රීඩක මාක්‍රම් තබා තිබූ ලෝක කුසලාන වේගවත්ම ශතකයේ වාර්තාව බිඳහෙළීමට මැක්ස්වෙල් සමත් විය.

මැක්ස්වෙල්ගේ ඉනිමට හතරේ පහර 08ක් සහ හයේ පහර 08ක් ඇතුළත් වූ අතර, ප්‍රහාරාත්මක වේගය දැක්වුනේ 240.9 ලෙසයි.