ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් ලබාදී ඇත.

ඒ අනුව මෙරට අයවැය සහාය සඳහා ලෝක බැංකුවෙන් ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් මෙලෙස ලබාදී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව පසුගියදා අනුමැතිය ලබාදී තිබුණි.