ශ්‍රී ලංකා රග්බි සඳහා පැනවූ තහනම නොවැම්බර් 10වැනිදා ඉවත් කිරීමෙන් පසු 2024 වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත මීළඟ වාර්ෂික මහා සභා රැස්වීම දක්වා කාලසටහනක් සකස් කරමින් ලෝක රග්බි විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට මග පෙන්වීමක් ලබා දී ඇත.

එහි උපදෙස් අනුව 2024 ජනවාරි මස අවසන් වීමට පෙර විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර, ඉන් අනතුරුව 2024 පෙබරවාරි මාසයේදී නව ව්‍යවස්ථාව යටතේ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමට නියමිතය. මෙම කාල සටහන ලෝක රග්බි විසින් නියම කර ඇත.