පිලිපීනයේ මැනිලා නුවර පැවැති “ලෝක විවාහක මිහිතල රැජින“ Mrs Earth inte ational – 2023) කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක මහත්මිය සමත් වී ඇත.

එමෙන්ම ඇය Mrs Earth best in catwalk’Overall best in Gown, Overall Best in Resort wear, Best in Talent යන අනු තරග සියල්ලේම කිරුළු හිමිකර ගෙන ද තිබේ.

පිලිපීනයේ මැනිලා නුවර Bay Area Paranaque නගරයේ පැවැති මෙම Mrs.Earth inte ational 2023“ තරගාවලිය සඳහා පිලිපිනය, ජපානය, ඇමෙරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිංගප්පූරුව,නයිජීරියාව ඇතුළු රටවල් ගණනාවක රුවැත්තියන් රැසක් තරගයට සහභාගී වී ඇත.

සශ්මිගේ මෙම තරගාවලිය සඳහා ජාතික පුහුණුකරු ලෙස රුක්මල් සේනානායක, ජාතික අධ්‍යක්ෂ ලෙස චරිත් ගුණසේකර යන මහත්වරු කටයුතු කර ඇත.