සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ උපදේශකවරයා ලෙස පත්කර ඇත.

අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් එම පක්ෂයේ පස්සර සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පසුගියදා පියවර ගනු ලැබිණි.

වඩිවෙල් සුරේෂ්ට එරෙහිව ඉදිරියේ විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය ප්‍රකාශ කර තිබේ.