ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඔහු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.

වනිඳු අදාළ ලිපිය මගින් පවසා ඇත්තේ සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ජාතික කණ්ඩායමට තම උපරිම දායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ සීමිත පන්දුවාර තරග රටාවේ විශේෂඥයෙකු ලෙස තම ක්‍රිකට් දිවිය සාර්ථක කර ගැනීම ගැන සිතා මෙම තීරණය ගත් බවත්, තම උපරිමයෙන් රටට සේවය කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්ය.