ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරින් අද(18) දිනයේ එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමය පවසා ඇත.

වනජීවි නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, සේවය ඇගයීමට ලක් නොකිරීම ඇතුළු ඉල්ලීම් ඒ අතරට අයත් බව එහි සභාපති ප්‍රභාෂ් කරුණාතිලක ප්‍රකාශ කර තිබේ.

ජාතික රක්ෂිතවල ආරක්ෂාව තරකිරීමට කටයුතු කරන්නැයිද වනජීවි නිලධාරින් රජයට බලකරමින් මෙම වැඩවර්ජනය සිදු කරයි.