මේ දිනවල මෙරට පවතින වර්ෂාව හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේ තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීම ඉන්දීය කණ්ඩායම තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව indianexpress.com වෙබ් අඩවිය වාර්තා කරයි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වියළි කලාපයක පිහිටා ඇති බැවින් තරගවලට වර්ෂාවෙන් වන බලපෑම අවම කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායම මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන් 2010 වසරේ සිට දඹුල්ල ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කර නොමැති බැවිනි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන ගැටුම් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කර බැවින් ඉන්දීය කණ්ඩායම සහභාගි වන සියලු තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය විය.