ඉන්දියාවේදී පැවැති Ceat ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත් විය. ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් ඇගයීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල පැවැත්විණි.

මෙහිදී ප්‍රභාත් ජයසූරියට අමතරව තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සම්මානයට පාත්‍ර විය.
වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – ෂුබ්මන් ගිල්
වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව – දීප්ති ෂර්මා
වසරේ පන්දු යවන්නා – ටිම් සවුති
වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – කේන් විලියම්සන්
වසරේ එක්දින පිතිකරු – ෂුබ්මන් ගිල්
වසරේ ටෙස්ට් පිතිකරු – කේන් විලියම්සන්
වසරේ ටෙස්ට් පන්දු යවන්නා – ප්‍රභාත් ජයසූරිය
වසරේ T20 පිතිකරු – සූර්යකුමාර් යාදව්
වසරේ T20 පන්දු යවන්නා – බුවනේෂ්වර් කුමාර්
වසරේ එක්දින පන්දු යවන්නා – ඇඩම් සමපා
වසරේ පුහුණුකරු – බ්‍රෙන්ඩන් මැකලම්