වසර 30 කට පසු ඛනිජ වැලි ඍජු අපනයනය ආරම්භ කර ඇත.

යුධ ගැටුම් හේතුවෙන් වසර 30 කට අධික කාලයක් වෙනත් මැදිහත් පාර්ශ්වයක් හරහා අපනයනය කරමින් සිටි ඛනිජ වැලි, පුල්මුඩේ ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම විසින් පසුගියදා( 3 ) ඍජු අපනයනය ආරම්භ කෙරිණි.

ත්‍රිකුණාමලය වරායෙන් ‘ සර්කෝන්’ ටොන් 30,000 ක් පළමු ඍජු අපනයනය ලෙසින් නැව්ගත කර ඇත.

මෙම ඍජු අපනයන කටයුතු අඛණ්ඩව සිදුකරන බවත් ඉදිරි දින කිහිපය තුළ තවත් නෞකා 2 ක් යොදා ගනිමින් ඉල්මනයිට් ටොන් 60,000 ක් විනයට අපනයනය සිදුකරන බවත් ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති වෛද්‍ය උදේනි දසනායක පවසා තිබේ.

මෙලෙස ඛනිජ වැලි ඍජු අපනයනයෙන් ලංකා මිනරල් සැන්ඩිස් සමාගම හරහා විශාල ආදායමක් මෙරට
ආර්ථිකයට එකතුවන අතර නැව්ගත කිරීමේ මෙහෙයුම් කටයුතු හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් විශාල මූල්‍යමය ප්‍රතිලාභයන් හිමි වේ.