වසරෙන් පසු චීනයේ අගනුවර වන බීජිං නගරයට බලපෑ සීතම කාලගුණය මේ වසරේ දෙසැම්බර් මාසයෙදී වාර්තා වුණ බව විදෙස් මාධ්‍ය පවසා ඇත.

බීජිං නගරයේ උෂ්ණත්වය ඒ අනුව වාර්තා වන්නේ සෙල්සියස් අංශක සෘණ 10ට අඩු අගයක් ලෙසය.

එසේම මීට මාස 6කට පෙර එනම් ජුනි මාසයේ දී බීජිං හි උෂ්ණත්වය සටහන් වුයේ, සෙල්සියස් අංශක 40ට වඩා වැඩි අගයකිනි.

එය සැලකුනේ උෂ්ණාධිකම ජූනි මාසය ලෙසය.

මෙම ශීත කාලගුණය චීනය පුරා පළාත් රැසකට බලපා ඇති අතර ඒ හේතුවෙන් පාසල් වසා දැමීමට සහ ප්‍රවාහන සේවා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇත.