බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

සැකකරු ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් එම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

2017 වසරේදී ලියාපදිංචි කර ඇති එම වෛද්‍ය මධ්‍යස්ථානය මීට පෙර පවත්වාගෙන  ගිය වෛද්‍යවරයා පසුගිය ජූලි මාසයේ විදේශගතව තිබෙන අතර ඉන් අනතුරුව එම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ එම වෛද්‍යවරයාගේ පියා විසිනි .  

කෙසේ නමුත් සැකකරු මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.