වාහන ආනයන සීමා කිහිපයක් ඉදිරි සතියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අද (4) පවසා ඇත.

HS කේත 304 ක් හැරෙන්නට අනෙකුත් වාහන සීමා කිරීම් මෙසේ ඉවත් කරන බවත් රජය මුලින් ගත් තීරණය වෙනස් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

ඔහු වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

‘ඉදිරි සතියේදී පුද්ගලික වාහනවලට අදාල HS කේත 304 කට අදාළ සීමාකිරීම් හැර අනෙක් සීමාකිරීම් ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික පරිහරණය සඳහා තියෙන වාහනවලට. HS කේත 299 කුත් වෙළෙඳ වාහන 63 කුත් සීමා ඉවත් කිරීමට අදාළ වෙනවා. පරණ ගත්ත තීරණය වෙනස් කළා.