වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ අද උදෑසන වැඩ භාරගෙන ඇත.

සර්ව ආගමික වතාවත් මධ්‍යයේ ඒ මහතා වැඩ භාරගත් අතර, එම අවස්ථාවට පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ.

දින කිහිපයක් පුරප්පාඩුව පැවති පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (29) දිනයේ නම් කරනු ලැබිණි.

ඒ අනුව මාස 03ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ව කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබේ.