රජය විසින් නියම කරන ලද උපරිම සිල්ලර මිලට වඩා විශාල වශයෙන් මිල යොදා ඖෂධ අලෙවි කළ බවට වූ නඩුකරයක දී සිය වරද පිළිගත් මෙරට ප්‍රකට පෞද්ගලික රෝහලක් වන ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩිංග්ස් ආයතනයට අධිකරණය මගින් දඩ නියම කර ඇති බව වාර්තා වේ.

2023 දෙසැම්බර් 15දා නඩුව කැඳවූ අවස්ථාවේ මාළිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විසින් ආසිරි රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනාට 2024 ජනවාරි 23 අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කරනු ලැබුවා. එහෙත් එදිනට පෙර විත්තියේ නීතිඥයාගේ මෝසමක් මගින් නඩුව ජනවාරි 17 දින කැඳවා ඇති බවත් ආසිරි රෝහල විසින් එදින තම වරද පිළිගෙන ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත්, වැඩබලන මහේස්ත්‍රාත්වරයෙකු හමුවේ මේ නඩුකරය කැඳවා ඇති අතර, ඔවුන් පිළිගත් චෝදනා 11ට අදාළව රුපියල් 25000ක දඩයක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.