ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් ඉතා විකෘති වූ කොරෝනා වෛරස ප්‍රභේදයක් සොයා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාවේ රෝග පාලනය සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම වෛරස ප්‍රභේදය BA.2.86 ලෙස නම් කර තිබේ.

නව ප්‍රභේදය සම්බන්ධයෙන් මේ වනවිට අවස්ථා 4 කදී වාර්තා වී ඇත.

ඒ, ඩෙන්මාර්කය, ඊශ්‍රායලය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ආශ්‍රිතවය.

මෙම ප්‍රභේදය පුළුල් ලෙස සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති අතර යම් කාලයක් තිස්සේ අනාවරණය නොවී පැතිරීමේ හැකියාව ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ