ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කර ඇත.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.

2018 වසරේ කොටි සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට මීට පෙර ඇප නියම කර තිබුණි.

මීට පෙර පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවය.