ඉදිරි මාස 12 ක විදුලි උත්පාදනය සඳහා ගල් අගුරු නෞකා 40ක් ආනයනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසා ඇත.

ඒ අනුව පලමු ගල් අගුරු නෞකාව නොරොච්චෝලේ වෙත ලබන එළඹෙන සතියේ පැමිණීමට නියමිත බව ද සඳහන් වේ.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන පාලන පද්ධති අංශය සහ කළමණාකාරීත්වය විසින් සිදු කරන ලද දැනුවත් කිරීමේදී, මෙම වසරේ වර්ෂාපතනය අඩු වී ඇති බැවින් ජල විදුලිබල උත්පාදනය පහත බැස ඇති බවත් මෙම වසරේදී ගිගාවොට් පැය 3500 – 3750ක ප්‍රමාණයක් පමණක් ජල විදුලි උත්පාදනය කිරීමට සිදු වන බව ද ප්‍රකාශ කර තිබේ.

ඒ කෙසේ වෙතත් තාප විදුලිබලය එකතුකරගනිමින් අඛණ්ඩව විදුලිබල ලබාදෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවද පැහැදිලි කරන ලැබුණි.

එළඹෙන වසරද වර්ෂාපතනය අඩු වසරක් ලෙස පුරෝකථනය කර ඇති බැවින් පෙර සුදානමක් ලෙස අඩු මිලට අවශ්‍ය පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට සහ එය ජාතික පද්ධතියට එක්කිරීම සදහා වන දැන්වීම් පලකර ඇත.