විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව ලබන සිකුරාදා දිනයේ තීරණයක් ගන්නා බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසා ඇත.

කොමිසන් සභාව ලබන 30 වන සිකුරාදා දිනයේ රැස්වී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු සදහන් කර තිබේ.

ජුලි මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති අතර ඊට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබුණි.

එම කටයුතු ඊයේ (27) දිනයෙන් අවසන් කෙරුණු අතර මේ වන විට එම අදහස් හා යෝජනා කොමිසම් සභාව විසින් සමාලෝචනය කරමින් සිටින බව උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර ඇත.