හොලිවුඩයේ ජනප්‍රිය ක්‍රියාදාම තරුවක් වන වින් ඩීසල්ගේ හිටපු සහායිකාවක විසින් පසුගියදා (21) ඔහුට එරෙහිව ලිංගික අපචාර සිදු කළ බවට චෝදනා කරමින් නඩුවක් ගොනු කර තිබෙනවා.

ඇය විසින් ප්‍රකාශ කර ඇත්තේ සුප්‍රකට “Fast & Furious” චිත්‍රපට මාලාවේ පස්වන චිත්‍රපටය රූගත කිරීම් අතරතුර ඇට්ලන්ටා හෝටලයේ කාමරයක් තුළදී ඇය මෙලෙස අපචාරයට ලක් කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම සුපිරි නළුවාගේ නීතිඥ Bryan J. Freedman ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සිය සේවා දායකයා මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.