අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා අද (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මහාධිකරණ විනිසුරු සංජීව මොරායිස් අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අද (07) දිවුරුම් දුන්නේය.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.