පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) වරෙන්තු නිකුත් කර ඇත.

එම නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල්තැබීමට නියම කෙරුණි.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි ඔහු චෝදනා ලබා තිබේ.