නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි-20යි තරගාවලි සදහා වන එංගලන්ත සංචිත අද නිවේදනය කළ අතර, එහි එක්දින සංචිතයට 2022 වසරේදී එක්දින පිටියෙන් විශ්‍රාමගත් තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ද නම් කර තිබේ.

එක්දින ලෝක කුසලානය වෙනුවෙන් ස්ටොක්ස් එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට ඔහු ගත් තීරණය සංශෝධනය කරමින් යළි එක්දින තරග පිටියට පිවිසීමට තීරණය කර ඇති බව වාර්තා විය.

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර විස්සයි-20 තරගාවලිය අගෝස්තු 30වැනිදා ආරම්භ වන අතර, තරග 04කින් යුත් එක්දින තරගාවලිය සැප්තැම්බර් 08වැනිදා ආරම්භ වීමට නියමිතය.

එංගලන්ත එක්දින සංචිතය:

Jos Buttler (C), Moeen Ali, Gus Atkinson, Jonny Bairstow, Sam Curran, Liam Livingstone, Dawid Malan, Adil Rashid , Joe Root, Jason Roy, Ben Stokes, Reece Topley, David Willey, Mark Wood, Chris Woakes

එංගලන්ත විස්සයි-20 සංචිතය:

Jos Buttler (C), Rehan Ahmed, Moeen Ali, Gus Atkinson, Jonny Bairstow, Harry Brook, Sam Curran, Ben Duckett, Will Jacks, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Josh Tongue, John Turner, Luke Wood