රජයේ සියලු විශ්වවිද්‍යාල අද (02) සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසා ඇත.

ඒ අනුව වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබාදෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන සම්මන්ත්‍රණයක්ද අද දහවල් 2.00 ජාතික පුස්තකාලයේදී පැවැත්වෙන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.