විශ්වවිද්‍යාල ප්‍රවේශ​ය සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ WWW.UGC.AC.LK වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ග ගත ක්‍රමය (Online) ඔස්සේ ඒ සඳහා අයදුම්පත් යොමු කළ හැක.

ඔක්තෝබර් 05 වනදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බව වාර්තා වේ.

ඉකුත් 04 වනදා නිකුත් වූ උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව විභාග අපේක්ෂකයන් 263,933ක් අතරින් 166,938ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත.