ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසරවල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

පසුගිය 18 වනදා විශ්වවිද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසරවල ශිෂ්‍යයින් අතර ඇතිවු මතභේදාත්මක තත්ත්වයකට ඔවුන් සම්බන්ධ බවට සාක්ෂි ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව එහි උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පවසා ඇත.

ඒ අනුව ඊට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු එම ශිෂ්‍යයින් 14 දෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ආචාර්ය සහ මහාචාර්යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇත.

එහි වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස තමා උපදෙස් දුන් බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර වැඩිදුරටත් සඳහන් කර තිබේ.