විස්සයි ව්ස්ස ක්‍රිකට් පිටියේ ලෝක වාර්තා 03 ක් බිඳ දැමීමට නේපාල ක්‍රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ඒ ආසියානු ක්‍රීඩා උළෙලේ මොංගෝලියානු කණ්ඩායමට එරෙහිව පැවති ක්‍රිකට් තරඟය අතරතුරයි.

එහිදී ලොව වේගවත්ම විස්සයි-20 ශතකය වාර්තා කිරීමට කුෂාල් මල්ලා සමත් වූ අතර, ඔහු පන්දු 34කින් ශතකය වාර්තා කළේය.

එමෙන්ම ලොව වේගවත්ම විස්සයි-20 අර්ධ ශතකය වාර්තා කිරීමට ඩිපේන්ඩ්‍ර සිං සමත් වූ අතර ඔහු පන්දු 9කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය.

මීට අමතරව විස්සයි-20 තරගයක කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමටද නේපාල කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 314 රැස් කළහ.