වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 250ක් ලැබුණු බව වී අලෙවි මණ්ඩලය පවසා ඇත.

දිස්ත්‍රික්ක 11ක මෙම මිලදී ගැනීම් මේ වන විට සිදුකරන බව එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා මණ්ඩලයේ ගබඩා 39ක් විවෘත කර ඇති බව ඔහු සඳහන් කර ඇත.

වී මිලදී ගැනීම ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 250ක් මීට පෙර නිකුත් කළ අතර මේ වනවිට එම මුදල් අවසන් වී ඇත.

මණ්ඩලය මේ වන විට වී කිලෝග්‍රෑම් ලක්ෂ 27ක් මිලදී ගෙන ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.