අද (21) අළුයම  වන විට ප්‍රදේශ තුනක  වෙඩි තැබීම් හා  පුද්ගල ඝාතන සිදුවී ඇත.

මෙලෙස වෙඩි තැබීම සහ පුද්ගල ඝාතන සිදුවී ඇත්තේ
හෝමාගම නියඳගල , කොට්ටාව සහ ගාල්ල කොස්ගොඩ යන ප්‍රදේශයන්හි දිය.

හෝමාගම නියඳගල ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රී 9.15ට පමණ වෙඩි තැබීමක් සිදු වී ඇති අතර
එම ප්‍රදේශයේ පදිංචි යුද හමුදාව හැරගොස් සිටි සෙබළෙක් වන චමිල සංජීව පෙරේරා නමැති පුද්ගලයෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

අදාළ පුද්ගලයාගේ නිවසේ ඊයේ රාත්‍රියේ සාදයක් පවත්වා ඇති අතර සාදය අතරතුර ආ දුරකථන ඇමතුමකට අනුව ඔහු නිවසින් පිටතට පැමිණ තිබේ.

එම අවස්ථාවේ යතුරු පැදියකින් සහ වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු ඔහුට වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කර ඇත.

T 56 ගිනිඅවියකින් එල්ල කළ වෙඩි ප්‍රහාර 5කින් ඩෙවි ප්‍රහාර 3ක් චමිල සංජීව නමැත්තා වෙත එල්ලවී තිබේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ 46 හැවිරිදි තිදරු පියෙක් වන චමිල සංජීව නමැත්තා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ප්‍රදේශයේ හඳයා නැමැති පාතාල ක්‍රියාකාරිකයෙකු සමඟ තිබූ පැරණි ආරවුලක් මෙම වෙඩිතැබීමට හේතුව බවට පොලීසිය සැක පළ කරයි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වනවිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එමෙන්ම කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් අසල සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙම වෙඩි තැබීම කුමන හේතුවක් මත සිදු කර ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලීසිය මේ වනවිට එම ස්ථානය ආශ්‍රිතව පරීක්ෂණ සිදු කරයි

ගාල්ල කොස්ගොඩ ඉද්දරුව ප්‍රදේශයේද අද (21) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබුණි.

අද උදෑසන 6ට පමණ එම ප්‍රදේශයේ පදිංචි විජිත් හෙවත් “රන් මහත්තයා” නමැත්තා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ ඔහුගේ නිවස ඉදිරි පිටදීය.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩි තැබීමෙන් 52 හැවිරිදි විජිත් නමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබේ.