ඇමරිකානු සංචාරකයන් දෙදෙනකු මත්පැන් බී වෙරිමතින් අයිෆල් කුලුනේ මුදුනේ නිදා සිටියද ආරක්ෂක නිලධාරීන් ඉවත්කර තිබේ.

උදෑසන නවයට අයිෆල් කුලුන නැරැඹීමට මහජනතාවට අවස්ථාව ලැබෙන අතර ඊට පෙර ආරක්ෂක නිලධාරීන් කුලුන වටා සංචාරයක යෙදී ඇත.

සුරාලෝලීන් දෙදෙනා හමුවී ඇත්තේ ඒ අවස්ථාවේදීය.

ඔවුන් රාත්‍රි 10.40ට පමණ ප්‍රවේශ පත්‍ර ගෙන ඇතුළු වී ආරක්ෂක බාධක පැන ගොඩනැඟිල්ලේ ඉහළට ගමන් කර ඇත.

එවැනි දස්කමක් කළ හැක්කේ ගිනි නිවන භටයන් වැනි වෘත්තිකයන්ටය.

පසුව මෙම ඇමරිකානු සංචාරකයන් දෙදෙනා පැරිසියේ පොලිස් ස්ථානයට රැගෙන ගොස් ප්‍රශ්න කර ඇත.

මේ සිදුවීම නිසා අයිෆල් කුලුන මහජනතාවට විවෘත කරන වේලාව පැයකින් පමණ පමා වී තිබේ.

ඔවුන්ගේ විනය විරෝධී හැසිරීමට එරෙහිව නඩු
පැවැරීමට නියමිතය.

අයිෆල් කුලුන හඳුන්වන්නේ ප්‍රංශයේ යකඩ ගැහැනිය “la dame de fer” ලෙසිනි.

කුලනේ උස මීටර් 330ක් (අඩි 1,083ක්) වන අතර පැර්සියේ උසම ගොඩනැඟිල්ල මෙයයි.

අයිෆල් කුලුන නැරැඹීමට පසුගිය වසරේ මිලියන 6.2ක ජනකායක් පැමිණ ඇත.