ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 04 වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් ඉන්දියාවට ලකුණු 41ක ජයක් වාර්තා කළේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 213ක් රැස් කළේය. එහිදී විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ කඩුලු 05ක් සහ චරිත් අසලංක කඩුලු 04ක් දවාගත්හ.

අනතුරුව ලකුණු 214ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 172ක් පමණි.
එහිදීද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන්ද දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 42ක් රැස් කළේය.

තරගයේ වීරයා සම්මානය දුනිත් වෙල්ලාලගේට හිමි විය. ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර තරගය අනිද්දා (14) පැවැත්වේ.