ඩේවිඩ් වෝනර්ගේ අවසන් ටෙස්ට් තරගාවලිය වන පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද උදෑසන ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී ආරම්භ විය. මෙම තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව වෝනර් ටෙස්ට් පිටියට සමුදීමට නියමිතය.

පාකිස්තාන නව ටෙස්ට් නායක ශාන් මසූඩ් පාකිස්තානයට නායකත්වය ලබාදෙන අතර, පැට් කමින්ස් ඔස්ට්‍රේලියාවට නායකත්වය ලබාදෙයි. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නේතන් ලයන් කණ්ඩායමට පැමිණ සිටින අතර, ඔහු ආබාධයක් හේතුවෙන් පසුගිය කාලයේ කණ්ඩායමෙන් ඉවත් වී සිටියේය.

ඩේවිඩ් වෝනර්ගේ අවසන් ටෙස්ට් තරගය ජනවාරි 03වැනිදා සිඩ්නිහිදී ආරම්භ වීමට නියමිතය.