ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ජාත්‍යයන්තර එක්දින පිටියෙන්ද සමුගන්නා බව ප්‍රකාශයට පත් කළේය. ඔහු අනිද්දා ආරම්භ වන පාකිස්තානය සමග 03වැනි ටෙස්ට් තරගයෙන් ටෙස්ට් පිටියටද සමුදීමට නියමිතය.

ඩේවිඩ් වෝනර් 2015 සහ 2023 එක්දින ලෝක කුසලානය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සමාජිකයෙකි. ඔහු එක්දින තරග 161කදී ලකුණු 6932 රැස් කරගෙන ඇත්තේ 45.30 සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එමෙන්ම වෝනර් එක්දින ශතක 22කට සහ අර්ධ ශතක 33 හිමිකම් කියයි.

කෙසේ නමුත් වෝනර් එක්දින පිටියෙන් සමුගැනීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.