එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පෙරේදා (06) පැවැති තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවී යාම පිළිබඳ ශකීබ් අල් හසන් ගත් තීරණය තමන් අනුමත නොකරන බව බංග්ලාදේශ වේගපන්දු පුහුණුකරු ඇලන් ඩොනල්ඩ් පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ CricBlog වෙත අදහස් දක්වමිනි.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇලන් ඩොනල්ඩ්,

“අපේ ක්‍රීඩාවේ එවැනි දේවල් දැකීමට අවශ්‍ය නැහැ ඇත්තටම මම එළියට ගිහින් කියන්න හිතුවා. අපි මේ වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. අපි එවැනි කණ්ඩායමක් නොවෙයි” යනුවෙන් පැවසීය.