2018 වර්ෂයේ ලද ආදායම මත ඩොලර් මිලියන 7.1 ආදායම් බදු පැහැර හැර ඇති බවට ජනප්‍රිය පොප් ගායිකා ශකීරාට එරෙහිව ස්පාඤ්ඤ බදු නිලධාරීන් චෝදනා එල්ල කර තිබෙනවා.

මෙය ඇයට එරෙහිව එල්ල වූ දෙවන චෝදනාව වන අතර මින් ඉහත දී ද 2012 -2014 කාලය තුළ ඩොලර් මිලියන 14.1ක ආදායම් බදු ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් ද ඇය වෙත චෝදනා එල්ල වී තිබුණා.

මෙම කාල සීමාව තුළ සංචාරයේ යෙදුණු බැවින්, ඇය ස්පාඤ්ඤයේ පදිංචි කාරියක ලෙස සැලකීමට හැකියාවක් නොමැති බව පවසා සිටි ශකීරා සුප්‍රකට ෆෝබ්ස් සඟරාව වෙත අදහස් දක්වමින් කියා සිටියේ “සෑම විටම නීතියට අනුකූලව සහ හොඳම බදු විශේෂඥයින්ගේ උපදෙස් යටතේ ක්‍රියා කර ඇති”බවයි.  නමුත්, එය ප්‍රතික්ෂේප කරන ස්පාඤ්ඤ රජය, අදාළ කාල සීමාව තුළ ශකිරා ඇගේ සහකරු වූ පාපන්දු ක්‍රීඩක ජෙරාඩ් පික් සමඟ ස්පාඤ්ඤය තුළ ජීවත් වූ බව පවසා තිබෙනවා