ශ්‍රීලන්කන් ගුවන් සේවය කටුනායක ගුවන් තොටුපළ තුළ Self-check-in සහ Self-bag-drop සේවාවන් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

මෙම ස්වයං-සේවාවන් භාවිත කරන මගීන්ට වඩාත් ඉක්මනින් Check-in කටයුතු නිමවා විගමන අංශය වෙත ගමන් කළ හැකි නිසා, කාර්යබහුල අවස්ථාවන්වලදී ඇතිවීමට ඉඩ ඇති තදබදය මගහැරී යයි.

මෙහිදී අදාළ මූලික කටයුතු කඩිනමින් අවසන් කර, ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ පිහිටා ඇති Self-bag-drop ස්ථානය වෙත ගමන් මලු භාරදිය හැකි අතර, විශේෂයෙන්ම නිතර ගුවන් ගමන්වල යෙදෙන මගීන්ට මෙය ඉමහත් පහසුවක් වනු ඇත.

Flight check-in ක්‍රියාවලිය, ආසන තෝරාගැනීම සහ Boarding pass හා bag tags මුද්‍රණය කරගැනීම ඇතුළු සමස්ත Check-in ක්‍රියාවලිය මෙම ස්වයං-සේවා ස්ථානවලදී සිදුකළ හැකි වේ.

මෙම ක්‍රියාවලියෙන් අනතුරුව අනතුරුව Self-bag-drop ස්ථානයට තම ගමන් මලු භාරදී, විගමන කටයුතු නිමවා ඔවුන්ට කෙළින්ම ගුවන් යානයට පිවිසෙන දොරටුව වෙත ගමන් කළ හැකිය.

මේ ආකාරයට Self-check-in සහ Self-bag-drop සේවාවන් හඳුන්වාදීම, ශ්‍රීලන්කන් ගුවන් සේවය අනුගමනය කරන පුළුල් ඩිජිටල්කරණ ක්‍රමෝපායේ එක් පියවරක් මෙන්ම, ගුවන් ගමන් කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් අන්තර්ජාතික වශයෙන් දියත් කර ඇති IATA Fast Travel වැඩසටහනට සමගාමී පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ.

Facial Recognition තාක්ෂණය, e-boarding gates ක්‍රමවේදයක්, සහ Virtual හා Augmented Reality තාක්ෂණයන් ඇතුළු අංග රැසක් සහිත Smart Channel ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම ඇතුළු පියවර රැසක් මීට ඇතුළත් වේ.