ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ලබාදුන් නඩු තීන්දුවෙන් එම චෝදනාවලට ඔහු නිවැරැදිකරු බව සිඩ්නි අධිකරණයක් විසින් අද තීන්දු කිරීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

“තීන්දුවෙන් සියල්ල කියැවෙනවා. පසුගිය මාස එකොළහ මට ගොඩක් අමාරු කාලයක්. එම කාලය තුළ මා සමග සිටි මගේ නීතිඥවරුන්ට, විශේෂයෙන්ම මුරුගන් තංගරාජ්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ කළමනාකරුට. ඒ වගේම මට උදව් කරපු ඔස්ට්‍රේලියාවේ ඉන්න හැමෝටම, මගේ දෙමාපියන්ට වගේම ලංකාවේ අයටත් මම ස්තුතිවන්ත වෙනවා. හැමෝම මාව විශ්වාස කළා. ඒක මට ගොඩක් වටිනවා. මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා. ආපහු ගිහින් ක්‍රිකට් සෙල්ලම් කරන්න මට තියෙන්නේ බලා සිටිය නොහැකි තරමේ ආසාවක්” යනුවෙන් ධනුෂ්ක පැවසීය.