ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා දිල්හානි ලේකම්ගේ සමත් විය. ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ වසර 17කට පසුවයි.

මෙහිදී නදීෂා නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමගින් මීටර් 61.57ක් දක්ෂතාවක් දැක්වීමට සමත් වූවාය. මීටර් 62.92ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ අන්නු රාණි එම ඉසව්වේ රන් පදක්කම හිමි විය.